Friday, May 18, 2012

වාරුව උවැසි වන විට මට ඇවිදින්ට.. තල්ලු කරන් පුතුනේ මගේ රෝද පුටුව..

රතු පලස උඩින් සැමරුවට කම් නැත,
 සැප පුටු මත හිදගෙන උජාරු දෙඩුවට දුක නැත...
ජය කාගේ උනද කම් නැත 
අද මැති ඇමති මහත්තයාල සමරයි එය උජාරුවට..

කටු පිළිල මත දෙපා වදින විට
සත්තයි දැනුනි සනීපයක් හදවතට
මේ මගේ මවයි ලක් මෑණිය මා හට
අභිමානය හද තුල නැගුණි ගිනි දැල් ලෙසට

දරුවන් නොදුටු සතුරන් දුටු මේ සිතට
දැනුනේ මහත් පිපාසයකි ජය ගන්ට..
දිවුවේ ඉදිරියට යුද්ධය ජය ගන්ට..
සත්තයි සිතුවේ ලක් මැණිට නිදහස ගන්ට..

රුදුරු ගොදුරු බෝම්බයට පා බිලි වෙද්දී..
එල්ල කරේ උන්ඩ සතුරා හට වෙඩි වැදී වැදී..
බේරගන්ඩ අපේ කොල්ලන් පහු වෙද්දී..
ආඩම්බරයි තවමත් අතීතය මතක් වෙද්දී..

අද මා සිටින්නේ සතුටිනි දරුවන් සමග 
බිරිදත් මවත් මා පසුපස සම විටම
වාරුව උවැසි වන විට මට ඇවිදින්ට..
තල්ලු කරන් පුතුනේ මගේ රෝද පුටුව..




විරුවා ඔබමය සැමදා අප හට !!

අද ඔහු කොස්සකි අතැතිව ඉන්නේ.. 
ගොවිතැන් කරමින් යාළුවා ඉන්නේ..
තවකෙකු ගඩොලෙන් පේමන්ට් හැදුවේ..
පෙරදා ලෙස නොව අද ඔහු ඉන්නේ..

අවියත් අතැතිව සිටියේ එදා ඔහු
වන්නියේ කැලයේ යුද්ධ දිනුවේ ඔහු
මහා සයුරේ ගිනි කෙලි ජය ගත් ඔහු 
පාරට වී අද සිගමන් යදි ඔහු..

නිසි තැන නිසි කල නොලැබුනද ඔබ හට
අප සිත් තුල ඔබ පහනකි සැම කලට
විරුවා ඔබමය සැමදා අප හට
පුදනෙමි තුති අද මෙලෙසින් ඔබ හට..!

Wednesday, April 25, 2012

මෝඩකම, නොදැනුවත්කම සහ ජාතිවාදය

මෝඩකම, නොදැනුවත්කම සහ ජාතිවාදය

වසර ගණනාවක් පැවති යුද්ධය දැන් අවසන්ය. යුද්දයක් නැති රටක දියුණුව අත ළඟය. අප රටේ දියුණුව තියෙන්නේ දේශපාලුවන්ගේ කටවල් තුලය. අපි යුද්ධය ජය ගත්තද? නැතිනම යුද්ධය අපිව ජය ගත්තද? යුද්ධ කල ඇත්තෝ අද සිර බත් කන බවද මේ අතරතුර මතක් කල යුතුය. අනාගතයෙදී තවත් යුද්ධයක් ඇති උවහොත් යුද්ධ කිරීමට සිදුවන්නේ අපිටය. යුද්ධ නම් එපාමය. ඒ අතීතය අමිහිරිය නමුත් අමතක නම් නැත. අමතක කිරීමටද නුපුළුවන. යුද්ධය දිනු දා අපි එකට එකතු වී කිරිබත් ඉවුවෙමු. ආදරයෙන් එකිනෙකා වැලද ගත්තෙමු. දන්සල් දුන්නෙමු. නැටුවෙමු, ගැයුවෙමු සැවොම එකතු වී ප්‍රීති උනෙමු. ඒ යුද්ධය දිනු සතුටටය. එදා මුස්ලිම් අය්යල, දෙමල මල්ලිලා, බර්ගර් නංගිලා, සිංහල අම්මලා එකට එකතු වී රබන් ගැසූ බව අපි දුටුවෙමු. ඒ 2009 වසරේදීය.. 

මේ ගෙවෙන්නේ 2012 වසරයි. 2009 ලැබූ ජය අපි තවමත් බුක්ති විදිමින් සිටින්නේ අපේ රණවිරුවන්ට පින් සිද්ද වෙන්ටය. නමුත් 2009 දී අපිට වැරදුනි. අපි යුද්ධය සම්පුර්ණ වශයෙන් දිනුවේ නැත. අදටත් පුල්ලි නැති කොටි අප අතරම සිටිමින් නිවී ගිය යුද්ධය නමැති පිදුරු ගොඩට තවත් පිදුරු දමමින්, කඩදාසි දමමින් එය අවුලුවිමට උත්සහ ගන්න බව කිව යුතුය. සරලවම කිවහොත් ජාති වාදය හා ආගම් වාදය අවිස්සෙමින් පැවති. මුස්ලිම් වෙළද සලක ටොපියක් නොමිලේ දුන් විට, එය රස බලනවා වින අපේ අය්යලා කරන්නේ විවිද කට කතා පැතිරවීමය. අද කට කතා එදා කට කතා වලට වඩා වෙනස්ය. ඒවාද e කට කතා වෙලාය. ඒවා ගිනි කස වේගයෙන් පැතිරෙයි. මොකද අද අපේ පුංචි එකාගේ සිට වයසක සීයා දක්වා තාක්ෂනය පාවිච්චි කරන නිසාය. බොහෝ කට කතා පැතිරෙන්නේ අන්තර්ජාලය හරහාය. ෆේස් බුක් හොදම උදාහරනයයි. යාළුවා ෂෙයාර් කරපු එක මම ෂෙයාර් කරන්නේ අඩුම තරමේ එය කියවන්නේවත් නැතිවය. මොන කුණුහරපයක් තියෙනවද කියලවත් දන්නේ නැත. එක අතකින් මෙය නොදැනුවත්කම කියා කිවුවද එයට ගැලපෙනම වචනය "මෝඩකම" ය 

අද ෆේස් බුක් හරහා විශාල වශයෙන් විවිද විවිද දැ විවිද විවිද අය පල කරයි. ඒවායේ ඇත්ත නැත්ත නොදත් අපේ කට්ටිය හෝ ගල ඒවා ෂෙයාර් කරන්නේ හරියට තමන් ලියපු පුවතක් විදිහටය. සමහර පුවත් සම්පුර්ණයෙන්ම බොරුය. සමහර ඒවා, බලපු විගස ඒ ආගම වල උදවියට කේන්ති එන ආකාරයට ලිය ඇත. ෆේස් බුක් පමණක්ම නොව ඊ මේල් හරහාද මෙවැනි පණිවිඩ අපිට ලැබෙයි. මේවා කවුරු ලියනවද යන්න අපි දන්නේ නැත. මොකට ලියනවද යන්නද අපි දන්නේ නැත. ඇත්ත බොරුද යන්නද අපි දන්නේ නැත. අපි දුටුවේද නැත. එසේනම් එවැනි දේවල් අපි ෂෙයාර් කිරීමට පෙර 2 පාරක්  සිතිය යුතුමය. 

කට්ටිය කියන විදිහට මුස්ලිම් වේවා සිංහල වේවා දමිල වේවා බර්ගර් වේවා අපි ඔක්කොම මිනිසුන්ය. අපි හැමෝම ලාංකිකයෝය. ජාති වාදය වනාහි ඉතාම භයානක වචනයකි. අතීතය අපිට දුන් පාඩම් අපි හැම විටම ඔලුවේ තබා ගත යුතුය. බෝම්බ පත්තු වෙනකොට සිංහලද දමිලද බර්ගර්ද මුස්ලිම්ද යන්න වැඩක් නැත. බෝම්බ වලට හිතක් පපුවක් නැත. අවට සිටින බොහෝ දෙනාද රැගෙන පුපුරා යන බෝම්බ පත්තු උන අවදිය අපට මතකය. එවැනි අවදියක් යලි උදා නොවෙන තැනට වග බල ගැනීම අපගේ යුතුකමයි. මම සිංහලයෙක් මේක සිංහල රට. මේක මේ දිනවල බහුලව ඇසෙන වක්යකි. බලන්න මේ වාක්‍ය කොතරම අසාදරණද යන්න. මේක අපි හැමෝගෙම රට. මේක ලාංකිකයන්ගේ රට මිසක් සිංහලයන්ගේවත් දමිල අයගේවත් මුස්ලිම් අයගේවත් බර්ගේර් අයගේවත් රට නෙමෙයි මේක ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රී භූමියයි. 

මිනිසුන් විවිදය, එය හැමෝටම පොදුය. එක මිනිසෙකු කරන වරදක් නිසා ඔහුට සම්බන්ද ආගමක් හෝ වෙන දෙයක් අලලා ඒවා නැති කිරීමට උත්සහ දැරීම ඉතාම වැරදි දෙයකි. මෙය කියවන අය අන්තර්ජාලයේ සැරී සරන්නොය. යමක් ෂෙයාර් කිරීමට පෙර අපි මොහොතක් එය කියවමු, හිතමු , පසුව වැදගත්නම් ෂෙයාර් කරමු. ජාතික සමගිය රක ගනිමු. 

Thursday, April 19, 2012

රාළ.. හාමි

එදා ඔෆිස් ඉවර වෙලා පාර අයිනේ බස් එක එනකන් හිටියේ මට කාර් එකට පෙට්‍රෝල් ගහන්න සල්ලි නැති නිසාම නෙමෙයි.. මට කාර් එකක් තවම නැති නිසා. කොහොම හරි මම හිටියේ රාජගිරියේ Hsbc එක ඉස්සරහ බස් හෝල්ට් එකේ. එතන හිටපු ලස්සන ගැනු ළමයි දිහා නම් අහක් ඇරලා බැලුවේ නැ මම. එත් එතන ලස්සන ගැනු ළමයි නම් හිටියා. කොහොම හරි ඔන්න එතන පාර මාරු වෙන කහ ඉරකුත් තිබ්බ. රාල හාමි කෙනෙකුත් හිටියා. එස් අයි කෙනෙක් වෙන්න ඕනේ.ෂර්ට් එක යට කරලා හිටියේ නැ උඩ දාගෙන හිටියේ. මම එහා කොනේ ඉදල විනාඩි පහකින් විතර වාහන ටික නවත්වල පාර මාරු වෙන්න ඉඩ දුන්න රාල හාමි. ඊට පස්සේ මම හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් හිටියා. HSBC එකේ ළමයි කට්ටියක් ඔන්න පර මාරු වෙන්න අව. රාල හාමි එක පාරම වාහන ටික නවත්තල එයාලට පනින්න කිවුව... මම ඉතින් මේ සීන් එක දිහා හොදට බලන් හිටියේ එතන ලස්සන ගෑනු ළමයි හිටපු නිසාම නෙමෙයි, වෙන කරන්න වේදකුත් තිබ්බ නැති නිසා. 

කොහොමහරි ඔන්න වාහන අතරේ අහිංසක පාට මාමා කෙනෙක් පුස් බයිසිකලයක් පැදගෙන එනවා. එයා හිමීට කහ ඉර අයිනෙන් කකුල තියල බයිසිකලය නවත්තල හිමීට කකුල තියල ඉස්සරට යන්න ආව විතරයි අපේ රාල හාමි දුන්නේ නැද්ද අර අන්කල්ට වැලමිටෙන් එකක්. අම්බෝ..අන්කල් එහෙම්ම බයිසිකලෙන් වැටුන. ඊට පස්සෙත් රාල හාමි අර අන්කල්ට දෙක තුනක් ගැහුවා. ගැහුවේ අර ගැනු ළමයිට වැඩ පෙන්වන්නද නැද්ද කියල නම් මන් දන්නේ නැ. ඊත් කොහොම හරි මේ වැඩේ කැතයි. රාල හාමි කෙනෙක්ට එහෙම වටිනවද අහිංසක මිනිහෙක්ට පාරේ ඔහොම ගහන්න. වටිනා එක කෙසේ වෙතත් අයිතියක් තියෙනවද? .. රාල හාමිගේ කකුල් ගාන නම් මන් දැක් කේ 2 යි වගේ ඒත් 4 ක් තිබ්බද මන්දා. මේක බලලත් උදවියගේ අවධානය පිණිස නම් නොවෙයි. මොකද බලලත් උදවියගේ අවධානයට ලක් කර කියල අර මිනිහට ගහපු ගැහිලි නැති වෙන්නේ නැනේ. එත් ඉස්සරහට වත් මේ වගේ දේවල් වෙන එක අඩු කර ගන්න වග බල ගන්නවානම් හොදි කියලයි මම හිතන්නේ.. ලංකාවේ පොලිසියට තියෙන තත්වේ  ගැන අපි හැමෝම දන්නවා. පොලිසියේ ඒ තත්වේ ගන්න පොලිසියේ කෂ්ටිය ගොඩක් මහාසි වෙන බව නම් පේනවා. මේ මන් දැක්ක පොලිසියේ එක දෙයක් විතරයි...