Friday, May 18, 2012

වාරුව උවැසි වන විට මට ඇවිදින්ට.. තල්ලු කරන් පුතුනේ මගේ රෝද පුටුව..

රතු පලස උඩින් සැමරුවට කම් නැත,
 සැප පුටු මත හිදගෙන උජාරු දෙඩුවට දුක නැත...
ජය කාගේ උනද කම් නැත 
අද මැති ඇමති මහත්තයාල සමරයි එය උජාරුවට..

කටු පිළිල මත දෙපා වදින විට
සත්තයි දැනුනි සනීපයක් හදවතට
මේ මගේ මවයි ලක් මෑණිය මා හට
අභිමානය හද තුල නැගුණි ගිනි දැල් ලෙසට

දරුවන් නොදුටු සතුරන් දුටු මේ සිතට
දැනුනේ මහත් පිපාසයකි ජය ගන්ට..
දිවුවේ ඉදිරියට යුද්ධය ජය ගන්ට..
සත්තයි සිතුවේ ලක් මැණිට නිදහස ගන්ට..

රුදුරු ගොදුරු බෝම්බයට පා බිලි වෙද්දී..
එල්ල කරේ උන්ඩ සතුරා හට වෙඩි වැදී වැදී..
බේරගන්ඩ අපේ කොල්ලන් පහු වෙද්දී..
ආඩම්බරයි තවමත් අතීතය මතක් වෙද්දී..

අද මා සිටින්නේ සතුටිනි දරුවන් සමග 
බිරිදත් මවත් මා පසුපස සම විටම
වාරුව උවැසි වන විට මට ඇවිදින්ට..
තල්ලු කරන් පුතුනේ මගේ රෝද පුටුව..




2 comments:

  1. ඉතා සංවේදී ව වීර ලක් දු පුතුන්ගේ නොපසුබස්නා උත්සාහය, අධිෂ්ඨානය සහ කල කැප කිරීම් මනාව සිහියට නැගෙන සේ නිර්මාණය කරන ලද අගනා වදන් පෙළක් බව පවසන්නේ හද පිරි සතුටිනි. ජය වේවා...!!!

    ReplyDelete